ඊබොක්කටත්
වඩා මිල
අඩුවෙන් |
මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඊබොක්කේ
වෙලෙන්දෝ
ගනන් කරන්න
අමාරු තරමේ
භාන්ඩ
රාශියක් සමග
ගනන් කරන්න
අමාරු තරමේ
වෙලෙන්දන් ගොඩක්
ඉන්නවා. ඔයාලා
හිතනවාද මේ
වෙලෙන්දා තමන්ගේ
කොම්පැනියෙම
නිපදවපු
භාන්ඩ
ඊබොක්කේ
විකුනනවා
කියලා?
නෑ.. එහෙම
වෙලෙන්දොත්
ඉන්නවා,
ඒත්
ගොඩක් ඉන්නේ අතරමැදියෝ.
එයාලා කරන්නේ Drop Shipping. වෙනත්
වෙබ්
අඩවියකින්
භාන්ඩයක් මිලදීගෙන, ලාභ
තියාගෙන
ඊබොක්කේ
විකුනනවා. අපේ
එවුන් ලාභයි
ලාබයි කියලා අරගන්නවා.
ඇමෙරිකාවෙන් Top Rated වෙලෙන්දෙකුගෙන්
ගත්තේ කියලත්
කියනවා. ඒත් බොහෝවිට
ගෙදරට භාන්ඩේ
එන්නේ චීනෙන්
හෝ හොං කොං
වලින්. අපි
බලමු මේ
වෙලෙන්දෝ කොහෙන්ද
මේ භාණ්ඩ
මිලදී ගන්නේ
කියලා.
buyincoins.com
මේක අන්තර්ජාලේ
තියෙන භාන්ඩ
මිල අඩුම වෙබ්
අඩවිය. චීනය, හොංකොං, සිංගප්පූරුව වගේ
රටවල්වල ශාඛා
පිහිටලා
තියෙනවා.
තියෙන සියලුම
භාන්ඩ Free
Shipping . ලංකාවට
ඇතුලුව ලෝකේ
වටේ රටවල් 170 කට
නොමිලේ ප්‍රවාහනය
කරනවා. මේ
වෙබ්
අඩවියේ Shipping ක්‍රම 3ක්
තියෙනවා.
Air Mail (unregistered) = $0, 3 Weeks
Air Mail (Registered with Tracking No)
= $1.9, 3 Weeks
EMS Express = $20+, 1 Week
අපි බොහෝවිට
භාන්ඩ
ගෙන්වන්නේ Air Mail (unregistered) කියන
එකෙන්. $30
කට වැඩි භාන්ඩයක්නම්
එයාලා Free
Tracking No ක් දානවා.
අපිට
කැමතිනම් $1.9ක්
ගෙවලා
$30ට අඩු
භාන්ඩයකට Tracking No එකක්
දාගන්න
පුලුවන්.
මොකක්ද
මේ Tracking No ?
මේක පාර්සලයේ
ඉදිරිපස
අලවලා එවන Bar Code එකක්.
මේ Bar Code එක
නිසා අපේ භාන්ඩය
ලෝකේ කොහෙද
තියෙන්නේ
කියලා දැන
ගන්න පුලුවන්.
ඒ කියන්නේ
චීනයේද,
පෙලේන්
එකේද, ලංකාවෙද
කියන එක. Refund
එකක්
ගන්නවානම් Tracking No එකක් අනිවාර්යෙන්
තියෙන්න ඕනේ.
ඇයි
මෙච්චරම ගනන්
අඩු?
Original Packaging නෑ.
සෑම දෙයක්ම
එවන්නේ Bubble
Pack වල. ඒ නිසා
භාන්ඩය සදහා
යන නිශ්පාදන
වියදම විතරයි
යන්නේ. Original
Packaging වලට යන
ගාස්තුව වගේම
බර අඩු
නිසා Shipping
Cost එකත්
අඩුයි.
අතර
මැදියෝ නෑ.
නිශ්පාදනාගාරයෙන්
ගන්නවා,
එවනවා.
බොහෝවිට
භාන්ඩ චීනයේ
නිපදවන ලද
ඒවා. චීන බඩු කොහොමත්
ගනන් අඩුයිනේ.
ඒ වගේම එයාලා
ගොඩක් බලන්නේ, අඩු
ලාභයක්
තියාගෙන වැඩි
භාන්ඩ ප්‍රමානයක්
විකුනලා ලාභ
ලබන්න.
mistertao.com
මේ වෙබ්
අඩවිය buyincoins.com
Part 2 කීවොත්
නිවරදියි. ඊ
බොක්කේ Chinese
version එක කීවත්
නිවරදියි.
ගිහින්
බලන්නකෝ
එතකොට තේරෙයි. මේක
buyincoins හිම
වෙබ් අඩවියක්.
මේකේ යාන්ත්‍රනය
මෙහෙමයි.
මේකේ බොහෝමයක් භාන්ඩයක්ම
දාලා
තියෙන්නේ Shipping Cost නැතිව.
අපි Shopping Cart එකට
දාලා ඇරගෙන
යද්දී,
බර කිරලා, බරට
අනුව Shipping
Cost එකතු
කරනවා.
අපි
මුදල්
ගෙවන්නේ mistertao ට.
mistertao ගෙවනවා
වෙලෙන්දාට.
Shipping Cost එක
මෙහෙමයි
මීට
අමතරව Paypal
Charges ලෙස $1.5
කුත්, Comisson fee ලෙස
10% කුත්
අන්තිම
ඒකතුවට
එක්වෙනවා.
උදාහරන:
බර 550g

තව දෙයක්
තියෙනවා. ඔතන
ඉන්න හැම
වෙලෙන්දාගෙන්ම
භාන්ඩ
මිලදීගන්න බෑ.
එයාලාට හොද Ratings
එකක්
තියෙන්න ඕනේ.
සාමාන්‍යයෙන්
11ට
වැඩිවෙන්න
ඕනේ. වම් අත පැත්තේ
රූපයේ පෙනෙන
පරිදි Filter
එකක්
තියෙනවා.
ඒකෙන් පෙරලා, භාන්ඩ හොයාගන්න.
එතකොට ඕනෙම
භාන්ඩයක්
අඩුවට මෙන්ම විස්වාසදායීව
මිලදී ගන්න පුලුවන්.

මං මේ වෙබ්
අඩවි සමග ගනු
දෙනු කරලා
ගෙන්වාගත්ත භාන්ඩවල
කවර ටිකක්
පෙන්වන්නම්. භාන්ඩනම්
හොයන්න ටිකක්
අමාරුයි.
ගොඩක් ඒවාගේ
ඇතුල බලන්න
කෑලි ගලවලා
ඒවා
තැන්
තැන්වල දාලා.
හොයන්න
ගියොත් ඇද යට
මෙහෙයුමක්
කරන්න වෙනවා.

මේ ගැන තව
ලිපියක්
ලියන්නම්.
මේක
කලින් ලිපියේ
ඉතිරි කොටස.
තවත් කොටසක්
තියෙනවාද
කියන්න දන්නේ
නෑ, බලමුකෝ
ලියලා.
mistertao සහ buyincoins
ගැන දැන්
හොදටම
දන්නවානේ, මේ
වෙබ් අඩවිවල
නම් කිසි
හොරයක්
බොරුවක් නෑ. මං
ගොඩක් කල්
ඉදන් ගනු දෙනු
කරනවා.
mistertao ගැන
තව පොඩ්ඩක්
කියන්නම්. taobao.com කියලා
අංක එකේ චීන
වෙබ් අඩවියක් තියෙනවා, ඒ වෙබ්
අඩවියෙන්
තමයි මෙයාලා
භාන්ඩ එවන්නේ.
ඒ වගේම
taobao කියන එක
සම්පූර්නයෙන්ම
චීන භාෂාවෙන්
තියෙන්නේ, mistertao කියන්නේ
එයාලාගේ
ලොකුම
ඒජන්තවරයා. හරි
ඒවාගැන ඇති.
තවත් වෙබ්
අඩවි කීපයක්
ගැන කියන්නම්.
Dealextreme.com
මේ වෙබ්
අඩවිය 70,
000 කට අධික
භාණ්ඩ ප්‍රමාණයක්
උසුලාගෙන
ඉන්නවා.
සාධාරන මිලක්
තියෙනවා. තියෙන
සියලුම භාන්ඩ
ලෝකේ වටේටම Free Shipping. ලංකාවටත් එවනවා.
මුලින්ම හදුන්වාදුන්
වෙබ් අඩවි
දෙකහි භාන්ඩ, shopping cart එකට
දාගෙන මගක්
අරන්
යනකොට
මුදල් ගෙවන්න
කලින්,
අපේ ඇඩ්‍රස්
එක ගහන්න
තැනක්
තියෙනවා,
ඒත් dx
ඒකේ එහෙම නෑ.
ගෙවීම් කරලයි
ඇඩ්‍රස් එක
වෙනස් කරන්න
ඕනේ. පේපැල්
ඇඩ්‍රස්
එකටයි
එවන්නේ.
අපිට
ඇඩ්‍රස් එක
වෙනස් කරන්න
ඕනෙනම්
කරන්නේ
මෙහෙමයි,
1. dx හි
ගිනුමක්
හදනවා.
2. ඒකෙන්
ලොග්in වෙලා
භාන්ඩය මිලදී
ගන්නවා.
(කෙලින්ම
පේපැල් වලින්
ගෙවනවා)
3. login-->
order--> පහල ලෙස
ඇඩ්‍රස් එක
වෙනස් කරන්න

හැබැයි ඕඩර්
කරලා පැය 12ක්
ඇතුලත වෙනස්
කරන්න ඕනේ, ඊට
පස්සේ නම් ඇඩ්‍රස්
එකට අත
තියන්න
දෙන්නේ නෑ.
ඔන්න ඔහොමයි dx එකෙන්
භාන්ඩයක්
ගන්නේ. මං
මුලින්ම ඇඩ්‍රස්
එක මාරු කරන්න
දැන ගත්තේ techඅදියාගෙන්
අහලා.
දන්නැති
දෙයක් දන්න
කෙනෙක්ගෙන්
අහලා දැනගන්න
ලැජ්ජා වෙන්න
ඕනයැ.
Budgetgadgets.com
මං මේ වෙබ
අඩ්වි
හදුන්වාගෙන
එන්නේ,
මිල අඩුම
භාන්ඩ තියෙන
වෙබ් අඩවි වල
ඉදන් ටිකක්
ටික මිල වැඩි
වෙන පිලිවෙලට. budgetgadgets ගැන
කියනවානම්, තියෙන
සියලුම භාන්ඩ
ලෝකේ වටේටම Free Shipping. මේ වෙබ්
අඩවියෙත් භාන්ඩ
shopping cart එකට
දාගෙන මගක්
අරන් යනකොට, මුදල් ගෙවන්න
කලින් අපේ ඇඩ්‍රස්
එක ගහන්න
තැනක්
තියෙනවා. මේකේ
දාලා තියෙන මිලගනන් හරියටම
අපි
මිලදීගන්න
ගාන නෙවේ, Bulk Price එක. ඒ
කියන්නේ තොග
වශයෙන් මිලදීගන්නකොට
දාන ගාන. අපි
ගෙවිය යුතු
ගාන මෙහෙමයි,

Pandawill.com
උසස් තත්වයේ
භාන්ඩ තියෙන
වෙබ් අඩවියක්.
මිලගනන් ඒ හැටි
වැඩියක්
කියලා නෑ.
සමහර
භාන්ඩ buyincoins එකටත්
වඩා මිල අඩුයි, සමහර භාන්ඩ
ඊබොක්කටත්
වඩා මිල වැඩියි. භාන්ඩ
shopping cart එකට දාගෙන
මගක් අරන්
යනකොට ඇඩ්‍රස්
ගහන්න තැනක්
නෑ. මුදල්
ගෙවීම් කලාට
පසුව
ඇඩ්‍රස්
වෙනස් කරන්න
තැනකුත් නෑ, එහෙනම්
මෙහෙමයි ඇඩ්‍රස්
එක යවන්නේ.
අපිට
භාන්ඩය
යවන්න ඕනේ
පේපැල් ඇඩ්‍රස්
එකට නෙවේනම්, පේමන්ට්ස්
කරද්දී Note
එකක් මගින්
අපි ඒ වෙබ්
අඩවියට
දන්වන්න ඕනේ, ඒ වගේම
ඇඩ්‍රස් එකත් Note එකේම
ටයිප්
කරලා
යවන්න. Note
එකක්
දාන්නේ
මෙහෙමයි.

ඒ යවනකොට
පහත ලෙස
සම්පූර්න
විස්තර යවන්න.
First Name:
Last Name:
Country:
State/Province:
Street Address:
City:
Post/Zip Code:
Last Name:
Country:
State/Province:
Street Address:
City:
Post/Zip Code:
එහෙම බැරිනම්, Note එකේ
කියලා යවන්න, පේපැල්
ඇඩ්‍රස් එකට
නෙවෙයි ship
කරන්න ඕනේ, ඇඩ්‍රස්
එක මං customer support
එකට
දන්වන්නම්
කියලා. එහෙම
කියලා,
භාන්ඩයට
මුදල් ගෙවලා, පැන්ඩාවිල්
එකවුන්ට්
එකෙන්
පනිවිඩයක්
යවන්න නිවරදි ඇඩ්‍රස්
එක දාලා. මේක
ඕඩර් එක place
කරපු
සැනින් කරන්න.
ඈනුම් ඇර ඇර, අද බෑ,
හෙටවත්
යවන්නම්
කියලා
හිටියොත්
අන්තිමට සල්ලිත්
නෑ, භාන්ඩෙත්
නෑ.
තව වෙබ් අඩවි
කීපයක්
හදුන්වාදෙන්න
තියෙනවා. තව
ලිපියක්
ලියන්නම්.
නැත්නම් කියවන
ඔයාලටත් එපා
වෙනවනේ
ලිපියේ දිග
දැක්කාම. මං
කියන මේ අණ්ඩර
දෙමළ
තේරෙනෙවාද
දන්නේ නෑ.
අන්තර්ජාලයෙන්
කිසිම භාන්ඩයක්
තාම මිලදීගෙන
නැත්නම්,
කවදාහරි
මිලදීගන්න
දවසක මේ ලිපි
පෙල වැදගත් වේවි.

මේ ලිපියෙන් ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩ ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් සහ නොදන්නා කෙනෙකුට දැනගන්නත් එක්ක, පේපැල් මුදල් වලින් යම් භාන්ඩයක් මිලදීගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනින් පස්සේ ආයේ ඊබොක්ක ගැන කියන්නේ නෑ. මීලග ලිපි වලින් අපි කතාකරන්නේ Alertpay, Plimus, Fastspring සහ Payoneer ගැන. කොහොමත් තව ලිපි දෙකක් විතර ලියනකොට මේ කුප්පිය සම්පූර්ණයෙන් ඉවරවෙයි. අපි දැන් කුප්පියට බහිමුකෝ,
මගේ ගනු දෙනු ගැන
කීවොත්, ගොඩක්ම
ගනු දෙනු කරලා
තියෙන්නේ Buyincoins එක්ක. දැනට
භාන්ඩ 20ක්, 30ක් විතර. ඊට
පස්සේ DX එකත්
එක්කත් ගනු
දෙනු
කිහිපයක් කරලා
තියෙනවා, මීට
අමතරව mistertao සමගත්
ගනු දෙනු
කිහිපයයි.
කිහිපයයි කියන්නේ තුන
හතරක්. budgetgadgets
සමගත් miniinthebox සමගත් එක්
ගනුදෙනුව බැගින් කරලා
තියෙනවා.
ඊබොක්ක සමග
කලේ එක ගනුදෙනුවයි
ඒ
ගනුදෙනුවෙන්
තමා පේපැල්
ගිනුමට
කෙලවුනේ.
miniinthebox.com
මේක ටිකක්
රෙස්පට්
කඩයක්, ගනන්
ටිකක් සැරයි, හැබැයි
ගොඩක්
භාන්ඩවල මිල
ඊබොක්කට වඩා අඩුයි.
ලංකාවට භාන්ඩ
එවනවා, ලංකාවට
විතරක්
නෙවෙයි, ලෝකේ
වටේටම, තියෙන සියලුම
භාන්ඩ Free Shipping. වෙබ් අඩවිය
බොහොම වැදගත්
පාටයි. Buyincoins එකේ වගේ
නෙවෙයි, හැම
භාන්ඩයටම Original
Packages එවනවා. ඒ කියන්න්නේ
ෆෝන් එකක්නම්
ඊට අදාලව
තියෙන
සබ්බසකළමනාවම
එවනවා. භාන්ඩය
කුඩා වුනත්
පෙට්ටිය ලොකුයි, තැපැල්
මාමාට මේ
පෙට්ටි කරේ
තියගෙන තමයි
පුට් සයිකලේ
පදින්න වෙන්නේ.
ගිනුමක් හදලා, භාන්ඩය අපේ Shopping Cart එකට දාගෙන
මගක් යනකොට, මුදල්
ගෙවීමට කලින්
අපේ ඇඩ්‍රස්
එක ගහන්න
තැනක්
තියෙනවා. Video Game
Accessories සහ Apple Accessories වලට මේ අඩවිය
හොදයි.
අනිත් තියෙන භාන්ඩනම්
අපිට Buyincoins හෝ
DX එකෙන් තව
ටිකක් අඩුවට
ගන්න පුලුවන්.
lightinthebox.com
නමින්ම තේරෙනවනේ, miniinthebox ගේ අයියා
තමයි lightinthebox කියන්නේ.
වෙබ් අඩවි දෙකේ යාන්ත්‍රනය
එකමයි. Weddings &
Events සහ Fashion Design සදහාම සැදු වෙබ්
අඩවියක්. කසාදයක්
එහෙම
බදිනාවානම්
සමහරවිට
වැදගත් වෙයි.
අමුතු විදිහේ
ගැජමැටිස්
කෑලිත් මේකේ
නැතුවා නෙවෙයි.
දැන් මේ
ඊබොක්කට
එරෙහිව කල
සටනේ සාරාංශය
කියන්නම්, අද හෙට නැතත්
කවදා හරි
භාන්ඩයක්
මිලදී
ගැනීමේදී
වැදගත් වෙයි.
Electronics
සහ Computer Gadgets සදහා: buyincoins සහ
dealextreme
Branded
Cell Phones සදහා: mistertao.com
Computer
Hardwares සදහා: mistertao.com සහ dealextreme
Cell
Phones Accessories සදහා: dealextreme
Health
& Beauty සදහා: buyincoins සහ lightinthebox.com
Tablet
PC/ MID සදහා: buyincoins සහ Pandawill
Home
& Sports: buyincoins සහ dealextreme
සාමාන්‍ය
ඇදුම්
පැලදුම්, සපත්තු: mistertao.com
Weddings
& Party Dresses: lightinthebox.com
මේ
සියලුම දේවල්
තොග ලෙසින්
මිලදී ගැනීමට:
dhgate.com
හරි අපි
ආයේ මේ දේවල්
ගැන කතාකරන්න
ඕනේ නැතිවෙයි, මටනම්
කියන්න තියෙන
හැම දෙයක්ම
කීවා, ඒත්
කෙනෙකුට
ගැටලුවක්
තියෙනවානම්
අහන්න
පුලුවනි. ඔන්න
මං දැන් හදන්නේ
පේපැල්
ගිනුමකින්
මුදල්
ගෙවීමක් කරලා
පෙන්නන්න.
කෙනෙකුට
හිතෙයි මේ මොකක්ද මේ
කරන විහිලුව
කියලා. ඒත්
නොදන්න කෙනෙක්
මේ වගේ පොඩි
දේවල් වලින් පවා අසරන
වෙන්න
පුලුවන්, ඒකත්
කියලා දුන්නම
ඉවරයිනේ.
එතකොට
කුප්පියත් සර්වසම්පූර්ණ
වෙනවා. පහලින්
දක්වලා
තියෙන්නේ buyincoins එකෙන්
භාන්ඩයක් මිලදී ගන්න
හැටි. කිසිම
පියවරක්
උඩින් පැනලා නෑ.
අතෑරලත් නෑ, සියල්ල පිලිවෙලට
තියෙනවා, රූප
ටික බලාගෙන
ගියපුවාම
තේරුම් ගන්න
පුලුවන් වේවි.
buyincoins ගිනුමට ලොග්
වුනා, කැමති
භාන්ඩය
තේරුවා, Shopping Cart එකට
දැම්මා.
Menu බොත්තම ඔබලා
මෙනුව පහලට
ඇද්දා, Checkout බොත්තම
එබුවා.
A
මගින්
අපට භාන්ඩය
ගෙන්වන ක්‍රමය
තෝරන්න
පුලුවන්. සාමාන්‍යයෙන්
අපි භාවිතා
කරන්නේ "Airmail Unregistered" . ඉන්පසු B මගින්
පෙන්වා ඇති, "Stranded
Checkout" බොත්තම
එබුවා.
ඔන්න
දැන් අපට අපේ
ඇඩ්‍රස් එක
ගහන්න තැනක්
එනවා. "Modify" බොත්තම
එබුවා.

A
මගින්
අපට මුල ඉදන්
සම්පූර්නයෙන්
අපේ විස්තර
ඇතුලත් කරන්න
පුලුවන්. B මගින් කලින් ගහපු
ඇඩ්‍රස් එකක් තෝරන්න
පුලුවන්. ඊලගට "Continue" බොත්තම
එබුවා.
නැවතත්
පහල පෙනෙන B බොත්තම
එබුවා

ඔන්න
දැන් අපට ඇඩ්‍රස්
එක නිවරදිව
වැදිලා
තියෙනවා
බලාගන්න පුලුවන්.
ඊලගට "Confirm Order" බොත්තම
එබුවා.

ඔන්න
දැන් පේපැල්
එක්කයි ගනු
දෙනු කරන්න
යන්නේ. ඔබේ
පේපැල්
ගිනුමේ තොරතුරු
ඇතුලත් කර,
"Login" බොත්තම
එබුවා.
වෙලෙන්දාට Note එකක් එහෙම
දාන්න
තියෙනවානම්
"ADD" මගින්
දාන්න
පුලුවන්. පාටක් එහෙම තෝරන්න
තියෙනවානම්
අපිට Note එකකින්
ඒක කියන්න
පුලුවන්. ගාන
හරිදැයි බැලුවා, "Pay Now" බොත්තම
එබුවා.
සල්ලි හරියට
ගෙව්වා ආපහු Buyincoins එකට ආවා.



ඔන්න
ඔහොම සල්ලි
ගෙව්වා, Buyincoins එකෙන්
Logout
වුනා.
No comments:
Post a Comment